- ජාවා වලදී සියලුම source code ලියනුයේ *.java extension සහිතවය.
- ඉන්පසු මෙය compile කළ යුතුය.
- එහිදී *.class ලෙස හඳුන්වන ගොනු බවට compile වේ.
- එය compile කරන ජාවා තුලම තිබෙන මෘදුකාංගය හඳුන්වන්නේ java compiler නමිනි.
- Code එක අඩංගු වන්නේ *.java ගොනුව තුලයි.
- *.class ගොනුව තුල අඩංගු වන්නේ bytecodes ලෙස හඳුන්වන තොරතුරු සමුහයකි.
- එය bytecode binary application එකකි.
- මෙය අතරමැදි අවස්ථාවකි,එනම් *.exe ගොනුවක් සේ windows මත කෙලින්ම ක්‍රියාත්මක කළ නොහැක.
- මෙය ධාවනය කිරීමට විශේෂ පරිසරයක් අවශ්‍ය වේ.
- එය JRE (Java Runtime Environment) වේ.
- මෙය මෙහෙයුම් පද්ධතියෙන් පද්ධතියට වෙන වෙනම Download කර Install කර ගැනීමෙන් පසු ජාවා වලින් සැදු bite code application එක ධාවනය කළ හැක.
- මෙම *.class file එක පරිගණකයට වැටහ ගත හැකි ආකාරයට සකසා ගැනීම කළ යුතුය.
- එය සිදු වන්නේ ජාවා වර්චුවල් මැෂින් (JVM - Java Virtual Machine) හෙවත්Java VM එක මගිනි.
- Java VM විවිධ Operating System සමග ක්‍රියාත්මක වේ. ( Windows, Apple Mac, Linux Base OS )
- මෙය කළින් සඳහන් කළ JRE එක තුල පවතී.
- මෙය තුල Java instruction set හාmemory manipulation යන කොටස් දෙක අඩංගු වේ.
- ජාවා වල ඇති ඕනෑම Operating System එකක් මත ධාවනය වීමේ පහසුකම සහ Hardware වෙනස්කම් වලින් බාධානොවීමේ ගුණය ඇති කරදෙන්නේ JVM කොටසේ ක්‍රියා කාරිත්වය මගිනි.
0 comments:
Post a Comment