• Java Platform & Edition



    ඕනෑම පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය Hardware සහ Software පරිසරය Platform යනුවෙන් හඳුන්වයි. Software Platform වලට උදාහරණ ලෙස Microsoft Windows OS , Apple Mac OS , Linux , Solaris ගත හැකිය. බොහාමයක් Platform, Hardware සහ Software වල එකතුවකින් සැදී තිබේ. නමුත් ජාවා එසේ නොමැත. ජාවා Platform එක තනි ඇත්තේ Software වලින් පමණි.

    ජාවා අනෙකුත් Hardware මත පදනම් වූ Platform මත ක්‍රියාත්මක වේ.
    ජව Platform කොටස් 2කි.
    1.    Java Virtual Machine (JVM)
    2.    Application Programming Interface (API)
     API යනු විවිධ හැකියාවන් සහිත මෘදුකාංග උපාංග කට්ටලයකි.මේවා විවිධ Interface සහ classes යටතේ වර්ග කොට තිබේ.ජාවා යටතේ එන Access Package යනු මේවයි.
    JVM සම්බන්දව Java Structure යටතේ සාකච්චා කරමු.


    Java Edition    


       ජාවා සංස්කරණ 3ක් දැනට හඳුන්වා දී ඇත.
    1. J2SE -  Java 2 Platform Standard Edition 
                    
             සාමාන්‍ය පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කරවිම සඳහා පමණක් අවශ්‍ය දැනුම ලබා ගත හැකි වන ආකාරයට නිපදවා ඇත.
    උදා:                    GUI Programming (Graphic User Interface)
                                  Input & Output
                                  Network
                                  XML
                                  Cobra
                                  applets
                                  Java Beans
                                  Security 
                                  Database   
               මේ සඳහා නිදසුන් වේ. මේ එකින් එක අප ඉදිරියේදී කතා කරමු.
    2. J2ME -  Java 2 Platform Micro Edition
                     
                      ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට සකසා ඇති විවිධapplication නිපදවා ඇත්තේ මෙම Java ME මගිනි. ජංගම දුරකථන, රැහැන් රහිත විවධ උපකරණ , PDA , etc. ආදී උපකරණ වලට අවශ්‍ය application නිපදිවිමට මෙම Java ME යොදාගනී. මා ඉහතදී ප්‍රකාශ කළා මෙන් ලොව පුරා ඇති ජංගම දුරකථන 3 8000 000ක්ම ක්‍රියාත්මක වන්නේ මෙම ජාවා ME වැඩසටහන් වලින් ලියූ application වලිනි.
    3. J2EE - Java 2 Platform Enterprise Edition 
                  
                   අන්තර්ජාලය හා සම්බන්ධව ක්‍රමලේඛන කිරීමට J2EE යොදා ගනී.මෙය උදාහරණ සැපයු විට ගොඩක් පැහැදිලි වනු ඇත.
    උදා:
                                 Java Server Pages (JSP)
                                 Java Database Connectivity (JDBC)
                                 Extensible Markup Language (XML)
                                 Java Naming and Directory Interface (JNDI)
                                 Java Transaction Service (JTS)
                                 Java Transaction API (JTA)
                                 Java Messaging Service (JMS)
                                 Java IDL
                                 Java Mail
                                 Java Web Service
                  උදාහරණ දුන්නට පස්සේ තේරේවි කිව්වට අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ටනම් මේවා නිකන් මැජික් වචන වගේ ඇති නේද, බය වෙන්න එපා මමත් ඉගෙන ගන්න හදපු මුල්ම දවස් වල ඔහොමම තමා. ඔක්කොම නිකන් Harry Potter වගේ.
  • 0 comments:

    Post a Comment

    GET A FREE QUOTE NOW

    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    ADDRESS

    Jayanthi Mawtha, Igala Elpitiya

    EMAIL

    javaguru.lk@mail.com
    wk.malitha@mail.com

    TELEPHONE

    +94 77 41 91 605

    MOBILE

    +94 71 880 6 999