• Let's Begin Java

    ජාවා පටන් ගමු

    හොඳයි අද ඉඳන් මම නිල වශයෙන් ජාවා පටන් ගන්නයි හදන්නේ. මගේ මුලික අරමුණ අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන පැන්චෝ පැන්චියන්ට ගෙදර ඉඳන් තනියම ජාවා ඉගෙන ගන්න තරම් දැනුමක් ලබා දීමටයි. 
    මොකද මම ඒ කට්ට ගොඩක් කාලා තියෙනවා. තනියම ඉගෙන ගන්නවා කියන්නේ හරිම දක්ෂ වැඩක්. 
    ගොඩක් කට්ටියට කියල දීලත් තේරුම් නොගන්න මේ කාලේ තනියම නැගිටින්න දගලන අයට මෙන්න මගෙන් පුංචි තල්ලුවක්.

    ජාවා වැඩ පටන් ගන්න කළින් කළින් පාඩමක් පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. ඔයාලට මතක නම් Platform ගැන මම කිව්වා ජාවා කියන්නේ Software මත පදනම් වූවක් කියල. එහෙනන් මොකක්ද අපි මුලින්ම කරන්න ඕන.ජාවා වලට අදාල Platform එක අපි අපේ පරිගණකයට Install කර ගත යුතුය.
    මේ සඳහා කළින් නම් Sun දැන් නම් Oracle වෙබ් සයිට් එකෙන් අපිට ෆ්‍රී Software එකක් බාගන්න වෙනවා.එකට කියන්නේ JDK (Java Development Kit) යනුවෙනි.

     
    මෙන්න මේ Link එකෙන් ඔයාලට දැනට තියෙන අලුත්ම Version එක  බාගන්න පුළුවන්.මේ Link එකට ගියාට පස්සේ ඔයාලට පෙනේවි මෙන්න මේ වගේ Radio Button එකක් අපිට tick කරන්න.මෙහි Accept Licence Agreement එකට tick කරලා පහලින් තියෙන Product එකට අදලාව ඉදිරියෙන් ඇති Download Button එක click කරන්න. 


    ඔයාලා පාවිච්චි කරන Windows Version එක අනුව, ඒ කියන්නේ (ගොඩක් අය windows OS පාවිච්චි කරන නිසා) 32bit ද නැත්නම් 64bit ද යනුවෙන් තෝරාගෙන බාගන්න.මොකද අපි සාදන Software එක 32bit ද නැත්නම් 64bit ද යනුවෙන් තීරණය කරන්නේ මෙන්න මේ  JDK Tool එක මගිනි.
    හේතුව වඩාත් පැහැදිළි කරන්නම් මුල්ම ජාවා program එක රන් කරනකොට.

    Download
    කරගත් පසු මෙය Install කරගන්න. ඊට පස්සේ තියෙන්නේ වැදගත්ම කොටස. මේකට කියන්නේ ජාවා පාත් එක සකස් කරනවා කියල.ඇයි කියල කියන්නේ 64bit සමග 32bit පැහැදිළි කරනකොටයි.
    හොඳයි මම මේ කියන විදියට පාත් එක හදහන්න.
     

    01). C Drive එකේ (ඒ කියන්නේ windows ස්ථාපනය කර ඇති partition එක) ජාවාbin ගොනුවේ ලිපිනය ලබාගන්න. 
    windows 7 නම් ස්ථාපනය කර ඇත්තේ අදාල ලිපිනය C:\Program Files\Java\jdk1.6.0_23\bin 






    02). එම ලිපිනය copy කරගන්න.

    03).
    ඉන්පසු පරිගණකයේ My Computer Right click කර ලැබෙන drop down menu එකෙන් properties තෝරන්න  (නැත්නම් key board එකෙහි windows logo key සමගPause/Break button ඔබන්න.)

    04).
    ලැබෙන window හි වම් පැත්තේ ඇති Advanced System Settings click කරන්න.




    05). system properties නමින් window  එකක් ලැබේවි.

    06). එහි පහලින් ඇති Environment Variables click කරන්න.




    07). ලැබෙන Environment Variables වින්ඩෝවෙහි පහලින් ඇති System Variables නමින් අදාලව පහල ඇති scroll menuවෙන් path යන්න තෝරාගන්න.එය තෝරා පහලින් ඇති Edit tabය ඔබන්න. නැතිනම් path යන්න double click කිරීමෙන්ද edit කෙලින්ම ලබා ගත හැක.



    08). එවිට Edit System Variable නමින් වින්ඩොව් එකක් ලැබේ.එහි variable value එක ඉදිරියෙන් ඇති ලිපිනය එලෙසම තබාගෙන ඉන් ඉදිරියෙන් ; මෙම සංකේතය යොදන්න.

    09).   "  ; "
    මෙම සංකේතය යොදා ඉන් ඉදිරියට 03) දී copy කරගත් ලිපිනය
    (C:\Program Files\Java\jdk1.6.0_23\bin) paste
    කරන්න.




    10). දැන් වැඩේ 90%ක් ඉවරයි.දැන් සියලුම වින්ඩෝ ok කරමින් එකින් එක වසා දමන්න.

    11).
    දැන් අපි බලමු ජාවා සඳහා පරිගණකය සුදානම්ද කියා.ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

    12).
    මුලින්ම run කොන්සෝලය විවර්ත කරගන්න. මේ සඳහා key board එකෙහි widows logo key සමග R key එක ඔබන්න.

    13).
    ලැබෙන run කොන්සොලයෙහි cmd නම type කරන්න.
    (
    මෙය තවත් ක්‍රමයකින් ලබා ගත හැක.එනම් Start -> All programs -> Accessories -> Command Prompt ) 

    14).  
    ලැබෙන Command Prompt එකේ java යනුවෙන් type කර enter key එකඔබන්න.එවිට දිග විස්තරයක් එනවනම් වැඩේ හරි,  "java" is not recognized  as an internal external command, ....... මෙන්න මේ වගේ එනවනම් වැඩේ හරි ගිහිල්ල නැ පුතෝ.ඒ කියන්නේ හරියට පාත් එක සකස් වෙලා නැ.එහෙනන් මොකක්ද කරන්නේ.
    අයෙත් මුල ඉඳන් කරගෙන එන්න.


     


     



  • 0 comments:

    Post a Comment

    GET A FREE QUOTE NOW

    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    ADDRESS

    Jayanthi Mawtha, Igala Elpitiya

    EMAIL

    javaguru.lk@mail.com
    wk.malitha@mail.com

    TELEPHONE

    +94 77 41 91 605

    MOBILE

    +94 71 880 6 999