• First Program

    අද පාඩමට වුවමනා වෙනවා අපි හැමෝම හොඳින් දන්න දෙයක්. Notepad. ඔන්න ඕකෙන් තමයි ඉගෙන ගන්නකම් කරන්න හොඳ.වෙන හේතුවක් නිසා නෙමෙයි.අපි Hard code කරන තරමට තමයි අපිට මතක හිටින්නේ.

    Notepad එක අරගෙන මේ විදියට type කරන්න.

    class FirstLesson  {         
                   public static void main ( String args[] ) {

                        System.out.println ( " Java Guru" );        
                   }                                                                    


    දැන් FirstLesson.java යන නමින් ඔයාලට ඕන තැනක save කරගන්න.මතක ඇතිව Encoding එක ANSI දෙන්න අමතක කරන්න එපා.මොකද ජාවා platform එක Unicode කියන දේ දන්නේ නැ. Unicode දාන්න වෙනම ක්‍රම තිබෙනවා ඒවා ඉදිරියට කියලා දෙන්නම්.
    දැන් Command Prompt එක open කරගන්න(cmd එක ගන්න හැටි කියල දීලා ඇත්තේ ආයේ නැහැයි කියන්න එපා) .ඔයාල File එක save කරපු තැනට path එක හදාගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මම හදල තියෙන විදියට මම කියල දෙන්නම්.




    මම මගේ FirstLesson කියන java file එක save කරලා තියෙන්නේ  
    J: partition  -> My Working Folder -> Java Folder -> Java 32 Folder  -> Day 1 කියන folder එක ඇතුලේ.
    ඉතින් ඔය විදියට type කර කර ඉන්න එක එක පාරයි කරන්න ඕන.ඊට පස්සේ දිගටම ඕක ඇතුලේ වැඩ ටික කරාම හරි.windows 7 වල නම් ඔය දේට ලේසි ක්‍රමයක් තියෙනවා අදාළ folder එක ඇතුලේ Shift එක සමග mouse right click කරාම එන drop down menu එකේ තියෙනවා open command prompt here කියල.එක click කරාම හරි.
    ජාවා වල compiler එකට කියන්නේ javac කියලා. ඉතින් අපට compile කරන්න වෙන්නේ javac මගින්.
    මෙහෙමයි කරන්නේ.
    (
    මතක ඇති නේද java permanent path set කරනකොට මම කිව්වා ඇයි කියලා කරන්නේ.නැ මම එතැනදී කිව්වේ නැ.දැන් තමයි කියන්නේ. javac, java කියන වචන cmd එක දන්නේ නැ.ඒ නිසා අපි save කරන හැම file එකක්ම save කරන්න වෙන්නේ අර කියපු bin folder එක ඇතුලේ,එහෙම කරන එක කරදර නිසා තමයි අපි permanent path එක set කරගත්තේ.ඒ නිසා අපේ පරිගණකයේ ඕනෑම තැනක file save කරලා අපේ වැඩ කරගන්න පුළුවන්.)

    javac  FirstLesson.java
    කියලා type කරලා enter කරන්න.මම කියපු විදියට කරානම් අයෙත් මම photo එකේ දාලා තියෙන විදියට එන්න ඕන.නැත්නම් මොකක් හරි Error එකක් ඒවි,ඒක කියවල බලලා වැරැද්ද හදා ගන්න.නැත්නම් මට comment එකක් විදියට එවන්න.
    ඊට පස්සේ
    java  FirstLesson    
    කියලා type කරලා enter කරන්න.  Hallo kohamada මේක  cmd එකේ ඇවිල්ල තියෙන්න ඕන.වැඩේ හරිද.නැත්නම් අයෙත් කරලා බලන්න.
    මෙන්න මෙහෙමයි coding එක විස්තර කරනවනම්.









    අපි මේ වැඩ කරන අතරේ බලන්න අපි java file එක save කරපු තැන තව මොනවද හැදිලාතියෙන්නේ කියලා.   FirstLesson.class කියලා file එකක් ඇති. මගේ මුල් පාඩම්මතක නම් මේක දන්නවා ඇති.open කරලා බලන්න තේරුම් ගන්න පුලුවන්ද කියලා.

    මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් comment කරන්න.

    අද පාඩම මෙතනින් ඉවරයි.ඉතින් ඔයාලත් මේවා කරලා බලන්න.එක එක විදියට කරලා බලන්න.

    ජාවා වල rules ටිකක් තියෙනවා එක මම අනෙත් පාඩමෙන් කියලා දෙන්නම්.අද ගොඩක් type කරානේ.
    හොඳයි try කරලා බලන්න.
    මම උදාහරණයක්‌ දීලම යන්නම්කො.මෙන්න



    public class FirstLesson {
              public static void main (String args[]) {                                             
     

    System.out.println ("*****************************************************");
    System.out.println ("**************   *************************************");
    System.out.println ("*************  *  ************************************");
    System.out.println ("************  ***  ***********************************");
    System.out.println ("***********  *****  **********************************");
    System.out.println ("**********  *******  *********************************");
    System.out.println ("*********  *********  ********************************");
    System.out.println ("********                          ******************************");
    System.out.println ("*******  *************  ******************************");
    System.out.println ("******  ***************  *****************************");
    System.out.println ("*****  *****************  ****************************");
    System.out.println ("****  *******************  ***************************");
    System.out.println ("***  *********************  **************************");

     }
    }
     


           
     
  • 1 comment:

    GET A FREE QUOTE NOW

    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    ADDRESS

    Jayanthi Mawtha, Igala Elpitiya

    EMAIL

    javaguru.lk@mail.com
    wk.malitha@mail.com

    TELEPHONE

    +94 77 41 91 605

    MOBILE

    +94 71 880 6 999