ඔබ දන්නවාද ඕනෑම විෂය කාණඩයක් ඔස්සේ ( ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා) ඔබ ලබාගත් Z core අගයට වටිනාකමක් ලබා දෙමින් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගත හැකි මෙන්න ඒ තුළින් ස්ථාවර වැටුපක් උපයා ගත හැකි රැකියාවක් තමා සතු කරගනිමින් පැහැබර අනාගතයක් සාදන ආයතනයක් පවතී. ඒ තමයි SLIATE ආයතනය.
මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ?
Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.
මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?
ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?
** සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* නේවාසිකාගාර පහසුකම්
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
* බස් / දුම්රිය සහන කාලය
* ක්‍රීඩා පහසුකම්
රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy
***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.)
පාඨමාලා කාලය: වසර 4කි
* දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක)
ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය යුතුය.
පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක.
*උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව Higher National Diploma In Engineeering
උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව HNDE ඉංජිනේරුවන් වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. තෝරාගත හැකි ඉංජිනේරු ක්ෂේත්රය
1.සිවිල් ඉංජිනේරු ( Civil Engineering )
2. විදුලි ඉංජිනේරු ( Electronical Engineering )
3. යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering )
4. ගොඩනැගිලි සේවා ඉංජිනේරු (Building Service Engineering)
5. ප්‍රමාණ සමීෂණ (Quantity Survey)
*පාඨමාලා කාලය : වසර 3 1/2
*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ලබුදූව , යාපනය , මට්ටක්කුලිය පාඨමාලා කාලයෙන් පසුව Assistant Engineer තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.
*උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව Higher National Diploma In Information Technology
උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව HNDIT තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට බලපොරොත්තු වන අයගේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. පාඨමාලා අවසානයේ තෝරාගත හැකි ක්ෂේත්රයන්
1. මෘදුකාංග ඉංජිනේරු ( Software Engineering )
2. මෘදුකාංග තත්ත්ව සහතික ඉංජිනේරු ( Software Quality Assurance Engineering )
3. දෘඩාංග ඉංජිනේරු ( Computer Hardware Engineering)
4. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අනෙකුත් සියලුම රැකියවන් සදහා මූලික සුදුසුකමක් වේ
*පාඨමාලා කාලය : වසර 2 1/2
*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ගම්පහ, දෙහිවල, ලබුදූව, නුවර
Exemptions from the other academic or Professional program:
-B. Sc. in Software Engineering and Information Technology – Open University of Sri Lanka
-Two year exemption from University of Moratuwa BIT program
-B. Eng. in University of Vocational Technology
-Degree in City and Guilds
-2 Year exemptions for B. Sc. in Software Engineering – Birmingham City University of UK
-With HNDIT and 2 Years’ Experience you can register for a M. Sc. degree.
*උසස් ජාතික ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ඩිප්ලෝමාව HNDBF
මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .
පාඨමාලා කාලය : වසර 2 1/2
*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය.
හැදැරීම හැකි SLIATE ආයතනය : දෙහිවල (මෙම පාඨමාලාව හැදෑරිය හැක්කේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ පමණි)
පාඨමාලා කාලයෙන් පසුව Accounts Assistance තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.
*උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA
මූල්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්‍යාපාර මූල්‍ය පිලිබඳ ශ්‍රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .
පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර
1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා
2.බැංකු ක්ෂේත්රයේ රැකියා
3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා
4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා
5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා
6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා
ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්‍යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..
*පාඨමාලා කාලය වසර: 2 1/2
*දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්‍රායෝගික පුහුණුව .
හැදෑරිය හැකි ආයතන - දෙහිවල, ලබුදූව, නුවර, යාපනය
*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්රයේ රැකියාවක්.
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.
රැකියා අවස්ථා
Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator
Aviation Service
Cargo Company
Consultation
SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.
හැදෑරීමට හැකි SLIATE ආයතන,: දෙහිවල,බදුල්ල,ගාල්ල,නුවර,යාපනය,නාවලපිටිය
*උසස් ජාතික තාක්ශනික කෘෂිකර්මය ඩිප්ලොමා පිාඨමාලාවHNDTAgri
කෘෂි කර්ම ව්‍යවසායක ක්ශේත්‍රයේ ඉහල පිලිගැනිමක් ඇත..පාඨමාලා කාලය
වසර 03කි,වසරක අනිවර්ය පුහුනු කාලසිමාවක් ඇත.
හැදැරිය හැකි sliate ආයතන - හාඩි අම්පාර,ලබුදුව,ගම්පහ
*උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව HNDM
මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්
පුර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී
NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.
2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.
*හැදැරීම හැකි SLIATE ආයතන
දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/බදුල්ල/යාපනය
HNDA - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Veyangoda, Trincomalee, Kegalle, Tangalle, Rathnapura, Samanthurai
HNDIT-Agri - Ampara, Galle, Gampaha
HNDBS - Galle, Colombo
HNDBA - Dehiwala, Jaffna, Kandy, Galle
HNDBF – Dehiwala
HND-English - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Trincomalee, Kegalle, Samanthurai
HNDE Civil - Colombo, Galle, Jaffna
HNDE Electrical - Colombo, Galle, Jaffna
HNDE Mechanical - Colombo, Galle, Jaffna
HNDFT – Gampaha
HNDM - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Kurunagala
HNDIT - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Kegalle, Kurunagala, Colombo, Galle, Gampaha, Trincomalee
HNDQS- Colombo, Galle
HNDTHM - Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Nawalapitiya
අයදුම් කිරීමට අවම සුදුසුකම්
* සැළකිය යුතු z අගයක්
* අපොස සා/පේ ඉංග්‍රීසි සදහා සම්මාන සාමාර්ථයක්
තොරතුරු : SLIATE වෙබ් අඩවිය
http://www.sliate.ac.lk , දැනට පාඨමාලාව හදාරන විද්‍යාර්ථයන්
Source :
https://www.facebook.com/campus.seteka/?fref=nf